Wednesday, April 22, 2020

කොවිඩ් සදහා "රැපිඩ් ටෙස්ට්" ජාවාරමක්ද?


https://www.facebook.com/ravikumudesh/
කොවිඩ් වෛරසය හදුනා ගැනීමේ රැපිඩ් ටෙස්ට් පිළිබදව විශාල විවාදයක් මතුවී තිබෙන අතර එම පරීක්ෂණ ක්‍රමවේදය භාවිත කිරීම සදහා සෛඛ්‍ය අමාත්‍යාංශය අවසරය ලබා දී නොමැත.
රට තුල ඕනෑම පරීක්ෂණ කට්ටලයක් භාවිතා කිරීම සදහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසරය ලබා ගත යුතුය. ඒ සදහා අදාල ප්‍රතික්‍රීයක කට්ටල ගෙන්වීමට අපේක්ෂා කරණු ලබන සමාගම් විසින්, පළමුව නියැදි පරීකෂාවක් සදහා අවසරය ලබා ගත යුතු අතර, එම අවසරය සහිතව ගෙන්වන ලද පරීක්ෂණ කට්ටල කිහිපයක්, නිරවද්‍යතාවය පිළිබද වලංගු (Validation) කිරීමේ පරීක්ෂාවකට ලක් කල යුතුය. වලංගු කිරීමේ සහතිකය සහිත සමාගම් සදහා නැවත තොග ගෙන්වීමේ අවසරයක් අධිකාරිය විසින් ලබා දිය යුතුය.
කොරෝනා රැපිඩ් ටෙස්ට් ගෙන්වීම්ස් සදහා ඉල්ලුම් කරන ලද සමාගම් කිසිවකට හෝ අධිකාරිය විසින් මේ වන තුරු අවසර ලබා දී නොමැති වුවද, වෛද්‍ය පර්‍යේෂණ ආයතනය තුල හා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අදාල රසායනාගාරයක් තුල, නිල වශයෙන් වලංගු කිරීමේ පරීක්ෂණ සිදුවීම මගින් බරපතල පරිපාළණ හා නෛතික උභතෝකෝටිකයක් නිර්මාණය වී ඇති බව, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය පවසයි. මෙය කිසියම් අක්‍රමිකතාවයක් විය හැකි බැවින්, ඒ පිළිබදව විධිමත්ව සොයා බලන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටින එම සංගමය, ඒ පිළිබද පහත තොරතුරු අනාවරණය කරයි.
https://www.facebook.com/ravikumudesh/කොවිඩ් 19 රෝග කාරකය හඳුනා ගැනීමේ ක්ෂණික පරීක්ෂණ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අපැහැදිලි ප්‍රතිපත්තිය.
රෝග අසාදනයේ මූලික අවස්ථාවේදී (Acute state) කොවිඩ් 19 රෝග කාරකය හඳුනා ගැනීමේ වඩා සාර්ථකම රසායනාගාර පරීක්ෂණය ලෙස RT-PCR හැඳින්විය හැකිය. නමුත් රෝග අසාදනයේ මූලික අවස්ථාව පසු කළ හා පසු කරමින් සිටින ආසාදිතයන්ගේ වෛද්‍ය පරීක්ෂණ ක්‍රියාවලිය සුමටව ආවරණය කර ගැනීම සඳහා නිවැරදි වෘත්තීය නිපුණතාවයකින් යුතු වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන් යොදවා විද්‍යානූකූල පදනමක් යටතේ ක්ෂණික පරීක්ෂණ සිදු කිරීම අසාර්ථක යැයි රට තුල බලහත්කාරයෙන් ස්ථාපිත කරමින් පවතින මතය අප අනුමත නොකරමු.
කෙසේ නමුත් මෙම පරීක්ෂණ ක්‍රමවේදය භාවිතා කිරීමට ඇති හැකියාව පිළිබඳ කටයතු වලදී ඊට අදාල අප වෘත්තිකයන්ගේ කිසිඳු සහභාගීත්වයක් නොමැතිව වෙනත් පාර්ශව ගණනාවක් විසින් පෞද්ගලික මට්ටමේ කඹ ඇදීමක් සිදු කරමින් සිටින බව පැහැදිලි වේ.
https://www.facebook.com/ravikumudesh/
වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ පිළිබඳව ඇති නීත්‍යානුකූල භාවිතාවන් අනවශ්‍ය ලෙස ලිහිල් කර ගැනීම එක් පාර්ශ්වයක උවමනාවක් ලෙස කැපී පෙනෙමින් තිබෙන අතර ඒ හරහාම අනවශ්‍ය වෘත්තීය අනන්‍යතාවයක් ගොඩනඟා ගනිමින් කොවිඩ් 19 පරීක්ෂණ අයිතිය අත්පත් කර ගැනීමේ උවමනාවෙන් සමෝදානික බහුවිධ රසායනාගාර ක්‍රමවේදයන්ට බාධා කරවීම තවත් පාර්ශ්වයක උවමනාව ලෙස විද්‍යාමාන වේ.
කෙසේ නමුත් මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිමය තීරණ වලද පැහැදිලි දෙබිඩි පිළිවෙතක් දක්නට ලැබේ. ජාතික ඖෂධ නියාමන අධිකාරිය කිසිඳු ක්ෂණික පරීක්ෂණ කට්ටල වර්ගයක් හෝ නියැදියක් මෙරටට ගෙන්වීම සඳහා කිසිඳු අවසරයක් මේ වන තුරුත් කිසිඳු පාර්ශ්වයකට ලබා දී නොමැත.
ඒ අනූව රට තුල ක්ෂණික පරීක්ෂණ කට්ටල කිසිවක් මේ මොහොතේ තිබිය නොහැකි නමුත් වෛද්‍ය පර්යේෂණ ආයතනය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ රසායනාගාරය විසින් මෙකී ක්ෂණික පරීක්ෂණ කට්ටල කිහිපයක් පිළිබඳව නිළ වශයෙන් වලංගු කිරීම් සිදු කරමින් පවතී. ඒ අනූව ජාතික ඖෂධ නියාමන අධිකාරිය අවම වශයෙන් නියැදි පරීක්ෂාව හෝ අවසරයක් ලබා නොදෙන ලද පරීක්ෂණ කට්ට්ල වලංගු කිරීමේ පරීක්ෂාව සඳහා යොමු වන්නේ කෙසේද යන්න වග පිළිබඳව බරපතල පරිපාලනය හා නෛතික උකතෝකොටිකයක් නිර්මාණය වෙමින් පවතී.
දිගින් දිගටම වෛද්‍ය රසායනාගාර වෘත්තිකයන් මඟහරිමින් සිදු වන උක්ත ක්‍රියාවලිය හරහා කිසියම් සැළසුම්සහගත අක්‍රමිකතාවයක් සිදුවන්නේද යන්න පිළිබඳ විධිමත් විමර්ශණයක් සිදු කරන ලෙසත්, එකී පරීක්ෂණ කට්ටල ආනයනය කරන්නේ නම් හෝ වලංගු කිරීම් සිදු කරන්නේ නම් ඊට අදාල අධීක්ෂණය සඳහා වෛද්‍ය රසායනාගාර වෘත්තිකයෙකු පත් කරන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමි
https://www.facebook.com/ravikumudesh/


No comments:

Post a Comment