Health Line First
Wednesday, April 22, 2020
Health Line First: කොවිඩ් සදහා "රැපිඩ් ටෙස්ට්" ජාවාරමක්ද?
Health Line First: කොවිඩ් සදහා "රැපිඩ් ටෙස්ට්" ජාවාරමක්ද?: කොවිඩ් වෛරසය හදුනා ගැනීමේ රැපිඩ් ටෙස්ට් පිළිබදව විශාල විවාදයක් මතුවී තිබෙන අතර එම පරීක්ෂණ ක්‍රමවේදය භාවිත කිරීම සදහා සෛඛ්‍ය අමාත්‍යාංශය...
Health Line First: ගුවන් තොටුපල අරින්න කලින් සූදානම් වෙන්න! හදිසි සැ...
Health Line First: ගුවන් තොටුපල අරින්න කලින් සූදානම් වෙන්න! හදිසි සැ...: කොරෝනා වසංගත තත්ත්වය පාළනය කිරීමේ අනාගත වුවමනාවන් සඳහා වෛද්‍ය රසායනාගාර සේවාව සූදානම් කර තැබීම හැම විටම කලින් සැලසුම් කල යුතු බව වෛද්...
Rapid antibody based blood tests in clusters or evacuee centres.
The Indian Council of Medical Research (ICMR) on Saturday issued an advisory to start rapid antibody based blood tests for COVID-19 in areas reporting clusters and in large migration gatherings or evacuee centres.
The decision for recommending these tests was taken at an emergency meeting of the National Task Force held recently.
The move comes in the wake of the country reporting 3072 COVID-19 cases including 75 deaths so far.
The results of antibody tests similar to ..
The decision for recommending these tests was taken at an emergency meeting of the National Task Force held recently.
The move comes in the wake of the country reporting 3072 COVID-19 cases including 75 deaths so far.
The results of antibody tests similar to ..
කොවිඩ් සදහා "රැපිඩ් ටෙස්ට්" ජාවාරමක්ද?
රට තුල ඕනෑම පරීක්ෂණ කට්ටලයක් භාවිතා කිරීම සදහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසරය ලබා ගත යුතුය. ඒ සදහා අදාල ප්‍රතික්‍රීයක කට්ටල ගෙන්වීමට අපේක්ෂා කරණු ලබන සමාගම් විසින්, පළමුව නියැදි පරීකෂාවක් සදහා අවසරය ලබා ගත යුතු අතර, එම අවසරය සහිතව ගෙන්වන ලද පරීක්ෂණ කට්ටල කිහිපයක්, නිරවද්‍යතාවය පිළිබද වලංගු (Validation) කිරීමේ පරීක්ෂාවකට ලක් කල යුතුය. වලංගු කිරීමේ සහතිකය සහිත සමාගම් සදහා නැවත තොග ගෙන්වීමේ අවසරයක් අධිකාරිය විසින් ලබා දිය යුතුය.
කොරෝනා රැපිඩ් ටෙස්ට් ගෙන්වීම්ස් සදහා ඉල්ලුම් කරන ලද සමාගම් කිසිවකට හෝ අධිකාරිය විසින් මේ වන තුරු අවසර ලබා දී නොමැති වුවද, වෛද්‍ය පර්යේෂණ ආයතනය තුල හා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අදාල රසායනාගාරයක් තුල, නිල වශයෙන් වලංගු කිරීමේ පරීක්ෂණ සිදුවීම මගින් බරපතල පරිපාළණ හා නෛතික උභතෝකෝටිකයක් නිර්මාණය වී ඇති බව, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය පවසයි. මෙය කිසියම් අක්‍රමිකතාවයක් විය හැකි බැවින්, ඒ පිළිබදව විධිමත්ව සොයා බලන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටින එම සංගමය, ඒ පිළිබද පහත තොරතුරු අනාවරණය කරයි.
රෝග අසාදනයේ මූලික අවස්ථාවේදී (Acute state) කොවිඩ් 19 රෝග කාරකය හඳුනා ගැනීමේ වඩා සාර්ථකම රසායනාගාර පරීක්ෂණය ලෙස RT-PCR හැඳින්විය හැකිය. නමුත් රෝග අසාදනයේ මූලික අවස්ථාව පසු කළ හා පසු කරමින් සිටින ආසාදිතයන්ගේ වෛද්‍ය පරීක්ෂණ ක්‍රියාවලිය සුමටව ආවරණය කර ගැනීම සඳහා නිවැරදි වෘත්තීය නිපුණතාවයකින් යුතු වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන් යොදවා විද්‍යානූකූල පදනමක් යටතේ ක්ෂණික පරීක්ෂණ සිදු කිරීම අසාර්ථක යැයි රට තුල බලහත්කාරයෙන් ස්ථාපිත කරමින් පවතින මතය අප අනුමත නොකරමු.
කෙසේ නමුත් මෙම පරීක්ෂණ ක්‍රමවේදය භාවිතා කිරීමට ඇති හැකියාව පිළිබඳ කටයතු වලදී ඊට අදාල අප වෘත්තිකයන්ගේ කිසිඳු සහභාගීත්වයක් නොමැතිව වෙනත් පාර්ශව ගණනාවක් විසින් පෞද්ගලික මට්ටමේ කඹ ඇදීමක් සිදු කරමින් සිටින බව පැහැදිලි වේ.
වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ පිළිබඳව ඇති නීත්‍යානුකූල භාවිතාවන් අනවශ්‍ය ලෙස ලිහිල් කර ගැනීම එක් පාර්ශ්වයක උවමනාවක් ලෙස කැපී පෙනෙමින් තිබෙන අතර ඒ හරහාම අනවශ්‍ය වෘත්තීය අනන්‍යතාවයක් ගොඩනඟා ගනිමින් කොවිඩ් 19 පරීක්ෂණ අයිතිය අත්පත් කර ගැනීමේ උවමනාවෙන් සමෝදානික බහුවිධ රසායනාගාර ක්‍රමවේදයන්ට බාධා කරවීම තවත් පාර්ශ්වයක උවමනාව ලෙස විද්‍යාමාන වේ.
කෙසේ නමුත් මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිමය තීරණ වලද පැහැදිලි දෙබිඩි පිළිවෙතක් දක්නට ලැබේ. ජාතික ඖෂධ නියාමන අධිකාරිය කිසිඳු ක්ෂණික පරීක්ෂණ කට්ටල වර්ගයක් හෝ නියැදියක් මෙරටට ගෙන්වීම සඳහා කිසිඳු අවසරයක් මේ වන තුරුත් කිසිඳු පාර්ශ්වයකට ලබා දී නොමැත.
කෙසේ නමුත් මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිමය තීරණ වලද පැහැදිලි දෙබිඩි පිළිවෙතක් දක්නට ලැබේ. ජාතික ඖෂධ නියාමන අධිකාරිය කිසිඳු ක්ෂණික පරීක්ෂණ කට්ටල වර්ගයක් හෝ නියැදියක් මෙරටට ගෙන්වීම සඳහා කිසිඳු අවසරයක් මේ වන තුරුත් කිසිඳු පාර්ශ්වයකට ලබා දී නොමැත.
ඒ අනූව රට තුල ක්ෂණික පරීක්ෂණ කට්ටල කිසිවක් මේ මොහොතේ තිබිය නොහැකි නමුත් වෛද්‍ය පර්යේෂණ ආයතනය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ රසායනාගාරය විසින් මෙකී ක්ෂණික පරීක්ෂණ කට්ටල කිහිපයක් පිළිබඳව නිළ වශයෙන් වලංගු කිරීම් සිදු කරමින් පවතී. ඒ අනූව ජාතික ඖෂධ නියාමන අධිකාරිය අවම වශයෙන් නියැදි පරීක්ෂාව හෝ අවසරයක් ලබා නොදෙන ලද පරීක්ෂණ කට්ට්ල වලංගු කිරීමේ පරීක්ෂාව සඳහා යොමු වන්නේ කෙසේද යන්න වග පිළිබඳව බරපතල පරිපාලනය හා නෛතික උකතෝකොටිකයක් නිර්මාණය වෙමින් පවතී.
දිගින් දිගටම වෛද්‍ය රසායනාගාර වෘත්තිකයන් මඟහරිමින් සිදු වන උක්ත ක්‍රියාවලිය හරහා කිසියම් සැළසුම්සහගත අක්‍රමිකතාවයක් සිදුවන්නේද යන්න පිළිබඳ විධිමත් විමර්ශණයක් සිදු කරන ලෙසත්, එකී පරීක්ෂණ කට්ටල ආනයනය කරන්නේ නම් හෝ වලංගු කිරීම් සිදු කරන්නේ නම් ඊට අදාල අධීක්ෂණය සඳහා වෛද්‍ය රසායනාගාර වෘත්තිකයෙකු පත් කරන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමි
Tuesday, April 21, 2020
ගුවන් තොටුපල අරින්න කලින් සූදානම් වෙන්න! හදිසි සැලසුම් නිසා කොරෝනා මර්ධනයට භාධා ඇති විය හැකියි! - රවී කුමුදේශ්.
කොරෝනා වසංගත තත්ත්වය පාළනය කිරීමේ අනාගත වුවමනාවන් සඳහා වෛද්‍ය රසායනාගාර සේවාව සූදානම් කර තැබීම හැම විටම කලින් සැලසුම් කල යුතු බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ නිලධාරීන්ගේ සංගමය කියයි.
කොරෝනා මර්ධනය සදහා රසායනාගාර සේවාව භාවිතා කිරීම පිළිබදව තම සංගමය මින් පෙර ලබා දුන් යෝජනා ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම හේතුවෙන් බොහෝ ගැටළු නිර්මාණය වී ඇති බවත්, මින් ඉදිරියට සේවාවේ ක්ෂමතාවය උපරිම කර ගැනීම සදහා පූර්ව සූදානම අත්‍යවශ්‍ය බවත් පෙන්වා දෙමින්, ජනාධිපති වරයා ඇතුළු සෞඛ්‍ය බලධාරීන් වෙත ලිපියක් යොමු කරමින්, එම සංගමයේ සභාපතිවරයා විසින් මේ බව දන්වා යවා ඇත.
ඊට අදාල අත්‍යවශයෙන්ම සලකා බැලිය යුතු කරුණු කිහිපයක්ද දක්වමින් යොමු කරන ලද ලිපියේ පහත කරුණු සදහන් වේ.
කෝව්ඩ් වසංගතය පාලනය කිරීමේදී රසායනාගාර සේවාව සූදානම් කර තැබීමේ වැදගත්කම පිළිබඳව අප දිගින් දිගටම පෙන්වා දුන් අතර ඒ පිළිබඳව පූර්ව වශයෙන් සිදු කරන ලද පුරෝකතනයන් බොහෝමයක් ඒ ආකාරයෙන්ම සැබෑ විය.
නමුත් අදාල අවශ්‍යතා සැපීරීමේදී අපගේ ඉල්ලීම් විධිමත්ව සළකා නොබැලීම හේතුවෙන් බොහෝ සූදානම් වීම් හා ස්ථාපිත වීම් නිශ්චිත කාල රාමුව තුල සිදු කිරීමට නොහැකි වූ බව අප තරයේ විශ්වාස කරමු.
ගුවන් තොටුපළ හරහා රෝගය මෙරටට සම්ප්‍රේෂණය වූ මුල් අවස්ථාවේදී දේහ උෂ්ණත්වය මත පමණක් පදනම්ව රෝගීන් හඳුනාගැනීමේ ක්‍රියාවලිය අසාර්ථක ක්‍රමවේදයක් බවත්, නිරෝධායන මධ්‍යස්ථාන වල නිරෝධායනය අවසන් කරනු ලබන ආශ්‍රිත ප්‍රජාව කොරෝනා හඳුනා ගැනීමේ රසායනාගාර පරීක්ෂණයකින් තොරව මුදවා හැරීම ගැටළු සහගත විය හැකි බවත් අප එසේ පෙන්වා දෙන ලදී.
එහිදී රෝග ලක්ෂණ නොමැති අසාධිතයන්ගෙන් රෝගය බෝවීමට ඇති ඉඩකඩ පිළිබඳව මීට වඩා වැඩි සැළකිල්ලක් දැක්විය යුතු බව අප දිගින් දිගටම පෙන්වා දුන් අතර රට යථා තත්ත්වයට පත් කිරීමට තීරණය කර ඇති මේ මොහොතේදී පවා ඒ පිළිබඳව දක්වා ඇති සැළකිල්ල ප්‍රමාණවත් යැයි අප විශ්වාස නොකරමු.
ඉහත තත්ත්වයන්ද සැළකිල්ලට ගෙන ඉදිරි කාලය තුල කොරෝනා වසංගතයෙහි අපේක්ෂිත වෙනස්කම් වලට සාපේක්ෂව වෛද්‍ය රසායනාගාර සේවාවේ පූර්ව වශයෙන් සළකා බැලිය යුතු පහත විශේෂ අංශයන් පිළිබඳව ඔබගේ දැඩි අවධානය යොමු කරවමු.
1. කිසියම් ක්‍රමවේදයකට අනූව නැවත රට යථා තත්ත්වයට පත්වීමේදී අපේක්ෂා නොකරන ආකාරයෙන් රටේ විවිධ ස්ථාන වලින් වරින් වර රෝගීන් හමු වීමේ විභවතාවයක් පවතින බැවින් සැළසුම් සහගත ලෙස එකතු කර ගන්නා නිදර්ශක මඟින් රෝගීන් හඳුනා ගැනීමේ දැනට අනුගමනය කරනු ලබන සාම්ප්‍රදායික ක්‍රමවේදය ප්‍රමාණවත් නොවිය හැකි බැවින් ඒ පිළිබඳ විධිමත් සැළසුමක් සකස් කර ගැනීම.
2. රට තුල කොරෝනා වසංගතය සම්පූර්ණයෙන්ම පාලනය කලද ආගමන හා විගමන කටයුතු යථා තත්ත්වයට පත් වීමේදී පූර්ව වශයෙන් ක්‍රියාත්මක කරනු ලැබූ දේහ උෂ්ණත්වය මත පදනම්ව රෝග නිර්ණය කිරීම කිසිසේත්ම සාර්ථක ක්‍රමයක් නොවන බැවින් ගුවන් තොටුපල පරිශ්‍රයේ බහුවිධ රසායනාගාර ක්‍රමවේදයන්ගෙන් සමන්විත රසායනාගාරයක් හා වෛද්‍ය පරීක්ෂණ ක්‍රමවේදයන් ස්ථාපිත කිරීම සඳහා වෛද්‍ය රසායනාගාර වෘත්තිකයන්ගේ දායකත්වය ලබා ගැනීම.
2. රට තුල කොරෝනා වසංගතය සම්පූර්ණයෙන්ම පාලනය කලද ආගමන හා විගමන කටයුතු යථා තත්ත්වයට පත් වීමේදී පූර්ව වශයෙන් ක්‍රියාත්මක කරනු ලැබූ දේහ උෂ්ණත්වය මත පදනම්ව රෝග නිර්ණය කිරීම කිසිසේත්ම සාර්ථක ක්‍රමයක් නොවන බැවින් ගුවන් තොටුපල පරිශ්‍රයේ බහුවිධ රසායනාගාර ක්‍රමවේදයන්ගෙන් සමන්විත රසායනාගාරයක් හා වෛද්‍ය පරීක්ෂණ ක්‍රමවේදයන් ස්ථාපිත කිරීම සඳහා වෛද්‍ය රසායනාගාර වෘත්තිකයන්ගේ දායකත්වය ලබා ගැනීම.
තවද, කොරෝනා රෝගීන් හඳුනා ගැනීම සඳහා ක්ෂණික පරීක්ෂණ ක්‍රමවේදය භාවිතා කිරීම පිළිබඳව විශාල විවාදයක් නිර්මාණය වී ඇතත් පරීක්ෂණ ක්‍රමවේදයන් පිළිබඳව නිසි වෘත්තීය නිපුණත්වයක් නොමැති පුද්ගලයන් මඟින් එකී පරීක්ෂණ සිදු කරවීම හේතුවෙන් රටවල් කිහිපයක එම ක්‍රමවේදය අසාර්ථක වුවත්, වෛද්‍ය රසායනාගාර වෘත්තිකයන් හරහා සැළසුම් සහගත වැඩපිළිවෙලක් යටතේ එම පරීක්ෂණ ක්‍රමවේදය භාවිතා කිරීමෙන් පවා රෝග නිවාරණයට අදාලව නිසි ප්‍රතිඵල ලබා ගත හැකි බව අවධාරණය කරමි.
Subscribe to:
Comments (Atom)






